බුද්ධරශ්මි ජාතික වෙසක් මංගල්‍යය සියත ටි.වී බැතිබර මාධ්‍ය දායකත්වයෙන් අප්‍රේල් 29දා සිට

Share

සම්බුදු තෙමගුල මුල් කරගනිමින් පවත්වනු ලබන ශ්‍රී ලංකාවේ විශාලතම වෙසක් කලාපය සහ සර්වඥ ධාතු ප්‍රදර්ශණය හුණුපිටිය ශ්‍රී ගංගාරාම විහාරස්ථානයත්, අරලියගහ මන්දිරයත් සමගාමීව සිදු කෙරෙන 2018 බුද්ධරශ්මි ජාතික වෙසක් මංගල්‍යය මෙවර පැවැත්වෙන්නේ සියත ටි.වී බැතිබර මාධ්‍ය දායකත්වයෙනි.

වෙසක් මස පුරපසළොස්වක පොහෝදින උදෑසන 6.00 සිට සවස 6.00 දක්වා සිල සාමාදානය, ධර්ම දේශනා, ධර්ම සාකච්ඡා, භාවනා වැඩසටහන් රැසක්ම සියත ටි.වී තුළින් සහ සියත ගුවන්විදුලිය මගින් විසුරුවා හරිනු ලබයි.

එමෙන්ම ඉන්දියාවේ සාරානාත් හි මුලගන්ධ කුටි විහාරය සහ පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ සර්වඥ ධාතුන් වහන්සේලා මෙන්ම නීලගිරි ධාත්නවහන්සේ ප්‍රදර්ශනයත්, දර්ශනීය තොරන් දෙකක්, බෞද්ධ සිරිත් විරිත්, බෞද්ධ සිද්ධස්ථාන සහ ශ්‍රී ලංකාවේ බෞද්ධ ඉතිහාසය විදහා දැක්වෙන ඡායාරූප හා බෞද්ධ චිත්‍ර මූර්තී ප්‍රදර්ශනය දිනපතා පැවැත්වෙයි.

බේරේ වැවේ ඉදිවු සුවිශේෂි වෙදිකාවක අප්‍රේල් මස 29, 30 සහ මැයි මස 01 වන දා, 02 වන දා යන දින වලදී රත්‍රී 7.00 සිට අලුයම 4.00 දක්වා ඉදිරිපත් කෙරෙන භක්ති ගීත ගායනා වෙසක් වැඩසටහන මෙම වෙසක් කලාපයේ සුවිශේෂි අංග අතර ප්‍රධාන වෙයි‍.

ශ්‍රී ලංකාවට ප්‍රථම වරට වැඩම කිරීමට නියමිත සාරානාත් හි වරනාසි නුවර වැඩ සිටින ශ්‍රී සර්වඥ ධාතු වහන්සේලා ද, පාකිස්තානයේ තක්ෂිලා කෞතුකාගාරයේ තැන්පත් කර අැති ශ්‍රී  සර්වඥ ධාතුන් වහන්සේලා ද හෙට (28) පස්වරුවේ දිවයිනට වැඩම කරවීමට නියමිතයි.

එම සර්වඥ ධාතුන්වහන්සේලා ප්‍රදර්ශනයට සමගාමීව පැවැත්වෙන නේපාලයේ හා භූතානයෙන් මෙරටට වැඩම කරවන ලද ඉපැරණි බුද්ධ ප්‍රතිමා වහන්සේලා ඊයේ රාත්‍රීයේ දිවයිනට වැඩම කළේය. එහිදී ප්‍රදර්ශනයට තැබීමට නියමිත තවත් කෞතුක වස්තුන් රැසක් හෙට රාත්‍රීයේ දී දිවයිනට ගෙන ඒමට නියමිතයි.

මේ අතර බුද්ධරශ්මි වෙසක් කලාපය එළඹෙන 29 දිනට යෙදෙන වෙසක් පුන් පොහෝදිනයේදී  පස්වරු 7.00 ට ජනාධිපති මෙෙත්‍රීපාල සිරිසේන මැත්තුමාගෙත්, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගෙත් ප්‍ර්‍රධානත්වයෙන් මහජන ප්‍රදර්ශනය සදහා විවෘත කිරීමට නියමිතයි‍.

බුද්ධරශ්මි වෙසක් කලාපය තුළ ප්‍රදාන වෙදිකාව මත දිනපතා රාත්‍රී 7.00 සිට අලුයම 2.30 දක්වා සංස්කෘතික නර්තන ප්‍රසංගයක් ද ඉදිරිපති කිරිමට නියමිතයි.

ප්‍රනීත දන්සල්, රූකඩ නැටුම්, ටවර්හොල් නූර්තී ගී, බොදු බැති ගී, බෞද්ධ මුද්‍රා නාට්‍ය සංදර්ශන, බෞද්ධ ජාතක කතා අැතුළත් විදී නාට්‍ය සහ බේරේ වැවේ ජල තලය මත ඉදි කෙරෙන විශේෂ වෙසක් නිර්මාණ රැසක් බුද්ධරශ්මි වෙසක් කලාපයට සමගාමීව ප්‍රදර්හනය කෙරේ.

මෙවර බුද්ධරශ්මි වෙසක් කලාපය අතිශය අලංකෘත කිරිම සදහා දායකත්වය ලබාදෙන්නේ ත්‍රිවිධ හමුදාවත්, පොලීසිය සහ සිවිල් අාරක්ෂක බලකායේ නිලධාරින් විසිනි.

Read more

Local News