‘ලිට්ල් හාර්ට්’ අරමුදල වෙනුවෙන් යුද හමුදාවේ මූල්‍ය පරිත්‍යගයක් ජනපතිට භාරදෙයි

‘ලිට්ල් හාර්ට්’ අරමුදල සඳහා ශ‍්‍රී ලංකා යුද හමුදාව විසින් රුපියල් මිලයන 70 ක මුදලක් පරිත්‍යාග කර තිබෙන අතර එම මුදල නිල වශයෙන් අද (10) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේදී ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා වෙත භාරදෙනු ලැබීය.

යුද හමුදාවේ සියලුම සාමාජිකයින්ගේ දින භාගයක වැටුප මෙලෙස ලිට්ල් හාර්ට් අරමුදල වෙත පිරිනමා තිබේ.

යුද හමුදා කාන්තා බළකාය නියෝජනය කරමින් කපිතාන් පියුම් චේතනා, බලලත් නිලධාරි සුමිත් විජේසිංහ, සොල්දාදුවන් නියෝජනය කරමින් රුවන් කුමාර සැපර්, කාන්තා සොල්දාදුවන් නියෝජනය කරමින් කාන්තා සංඥා සෙබළ කේ.ටී. දිනක්ෂි යන සාමාජික සාමාජිකාවන් විසින් මෙම මුදලට අදාළ චෙක්පත ජනාධිපතිතුමා වෙත පිළිගන්වනු ලැබීය.

ජනාධිපතිතුමා විසින් එම චෙක්පත ‘ලිට්ල් හාර්ට්’ අරමුදලේ වෛද්‍ය දුමින්ද සමරසිංහ සහ එහි සාමාජික සුමේධ රණසිංහ යන මහත්වරුන් වෙත භාරදෙනු ලැබීය.

Exit mobile version