ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් අද (26) පෙරවරුවේ හොරගොල්ල බණ්ඩාරනායක සමාධිය අසල දී ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නිර්මාතෘ, දිවංගත අග්‍රාමාත්‍ය එස්.ඩබ්.ආර්.ඩී. බණ්ඩාරනායක ශ්‍රීමතාණන්ගේ 58 වන ගුණ සමරු උත්සවය පැවැත්විණි.
ඒ හා සමගාමීව ලෝකයේ ප්‍රථම අග්‍රාමාත්‍යවරිය වූ දිවංගත සිරිමාවෝ බණ්ඩාරනායක මැතිණියගේ සහ දිවංගත අනුර බණ්ඩාරනායක මැතිතුමාගේ ද ගුණ සිහි කෙරිණි.
පළාතේ මහා සංඝරත්නය ද, මැති ඇමතිවරු ඇතුළු ශ්‍රි ලංකා නිදහස් පාක්ෂිකයින් මෙම අවස්ථාවට එක්ව සිටියහ.