කොස්ගම ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් ඝාතනය කෙරේ

කොස්ගම, වැරැල්ල මණ්ඩිය ප්‍රදේශයේදී තියුණු ආයුධයකින් පහරදී කාන්තාවන් දෙදෙනෙක් අද (02) උදෑසන ඝාතනය කර තිබේ.

34 හැවිරිදි කාන්තාවක් සහ ඇයගේ 78 හැවිරිදි මිත්තණිය මෙලෙස  ඝාතනයට ලක්ව ඇති අතර පොලිසිය පවසන්නේ මුදල් ආරවුලක් මත මෙම ඝාතනයන් සිදුකර ඇති බවයි.

ඝාතනයට ලක්වූ කාන්තාවන් දෙදෙනාගේ ඥාතියෙකු විසින් මෙම අපරාධය සිදුකර ඇති අතර සැකකාර පුද්ගලයා ප්‍රදේශයෙන් පලා ගොස් ඇත.

මෘත ශරීර සම්බන්ධයෙන් වන මහේස්ත්‍රාත් පරීක්ෂණය අවිස්සාවේල්ල මහේස්ත්‍රාත්වරයා විසින් සිදුකිරීමට නියමිතයි.

Exit mobile version