බේරුවල ආසනයේ ඉදිකරන ලද බහුකාර්ය ගොඩනැගිලි 03 ක් විවෘත ක‌ෙ‌රේ

දොරෙන් දොරට ගමින් ගමට ගම් 15,000 ක් නඟාසිටුවීමේ රජයේ වැඩපිළිවෙළ යටතේ බේරුවල ආසනයේ ඉදිකරන ලද බහුකාර්ය ගොඩනැගිලි 03 ක් විවෘත කරන ලදී.
ඒ සෞඛ්‍ය, පෝෂණ හා දේශීය වෛද්‍ය අමාත්‍ය දොස්තර රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙනි.
බේරුවල හෙට්ටිමුල්ල මරදාන පරණ කඩේ සහ මුල්ලපිටිය යන ප්‍රදේශවල ඉදිකරන ලද මෙම ගොඩනැගිලි සඳහා වැය කළ මුදල රුපියල් ලක්ෂ 75 කට අධික වෙයි.
බේරුවල හෙට්ටිමුල්ල සහ මුල්ලපිටිය බහුකාර්ය ගොඩනැගිලි ඉදිකිරිම සඳහා ඉඩම් ලබා දී ඇත්තේ පරිත්‍යාගශීලීන් විසිනි.
Exit mobile version