ලක්ෂ 55 ට අධික වටිනා හොරොයින් සමඟ සැකකරුව‌ෙකු අත්අඩංගුවට

හංවැල්ල පහත්ගම ප‍්‍රදේශයේ දී රුපියල් ලක්ෂ 55 ට අධික වටිනා හොරොයින් මත්කුඩු තොගයක් සමඟ ජාවාරම්කරුවෙක් සංවිධානාත්මක අපරාධ නිවාරණ කොට්ඨාසයේ පොලිස් කණ්ඩායමක් විසින් අත්අඩංගුවට ගනු ලැබීය.

ඔහු වයස අවුරුදු 25 තරුණයෙකිි.

අත්අඩංගුවට ගන්නා අවස්ථාවේ ඔහු සතුව හොරොයින් ග‍්‍රෑම් 505 ක ප‍්‍රමාණයක් තිබී ඇත.

සැකකරු අද (8) අවිස්සාවේල්ල මහේස්ත‍්‍රාත් අධිකරණයට ඉදිරිපත් කර රැඳවුම් නියෝග ලබා ගැනීමට නියමිතය.

Exit mobile version