යූරෝ ෆෝ නිසා ඔක්ටේන් 92 හෝ ඔටෝ ඩීසල් ඉවත් වීමක් නැහැ – උපාලි මාරසිංහ මහතා

යූරෝ ෆෝ ප්‍රමිතියේ ඉන්ධන වෙළඳ පොළට හඳුන්වා දීමෙන් ඔක්ටේන් 92 පෙට්ට්‍රල් හෝ ලංකා ඔටෝ ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් නොවන බව ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයේ ලේකම් උපාලි මාරසිංහ මහතා පවසයි.
“යුරෝ ෆෝ කියන්නේ යුරෝපා කොමිසම අනුමත කළ ප්‍රමිතියක්. එම ප්‍රමිතිය යටතේ නිෂ්පාදනය කෙරෙන ඉන්ධනවල පරිසර හිතකාමී බව ඉතාම ඉහළ මට්ටමක තියෙනවා. එම ඉන්ධන යෙදීමෙන් වාහනවල කාර්යක්ෂමතාවත් බොහෝ සේ ඉහළ යනවා. කල්පැවැත්මත් වැඩියි. එම ප්‍රමිතියෙන් යුත් ඉන්ධන මෙරට වෙළඳපොළට නිකුත් කිරීමට ඛනිජ තෙල් සම්පත් සංවර්ධන අමාත්‍යාංශයත් ලංකා ඛනිජ තෙල් නීතිගත සංස්ථාවත් ඉදිරි මාසයේදී කටයුතු කරනවා. එහිදී අපි මුලින්ම හඳුන්වා දෙන්නේ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් ඔක්ට්‍රේන් 95 ප්‍රෙට්ටල් සහ යූරෝ ෆෝ ප්‍රමිතියෙන් යුත් සුපර් ඩීසල්. එම ඉන්ධන අපි සාමාන්‍යයෙන් හඳුනා ගන්නේ යූරෝ ෆෝ ඔක්ටේන් 95 පෙට්ට්‍රල් සහ යූරෝ ෆෝ සුපර් ඩීසල් ලෙසින්. ඒ සමඟම අපි දැනට භාවිත කරන සාමාන්‍ය ඔක්ට්‍රේන් 95 පෙට්‍රල් සහ සාමාන්‍ය සුපර් ඩීසල් වෙළඳ පොළෙන් ඉවත් වෙනවා. කෙසේ නමුත් දැනට අපි භාවිත කරන ඔක්ටේන් 92 පෙට්ට්‍රල් සහ ඔටෝ ඩීසල් වෙළද පොළේ වෙනදා විදියටම සුලබව තියෙනවා. ඒවා වෙළදපොලෙන් ඉවත් වන්නේ නැහැ. නමුත් ඉහළ ප්‍රමියෙන් යුත් ඉන්ධන නිතරම භාවිතා කරන ලෙස අපි පාරිභෝගිකයාගෙන් ඉතා ඕනෑකමින් ඉල්ලා සිටිනවා. එයින් තමගේ වාහනවලටත් පරිසරයටත් සුබදායි තත්ත්වයක් උදා කර දෙන්න පුළුවන්” යැයිද අමාත්‍යාංශ ලේකම් උපාලි  මාරසිංහ මහතා කියා සිටියේය.
Exit mobile version