රිය අනතුරකින් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු මරුට

මාතලේ සිදුවූ රිය අනතුරකින් රාත්‍රි මුර සංචාරයේ යෙදී සිටි පොලිස් සැරයන්වරයෙකු මියගොස් පොලිස් කොස්තාපල්වරයෙකු බරපතළ තුවාල ලබා ඇතැයි මාතලේ පොලිසිය ප්‍රකාශ කරයි.

මාතලේ, පලාපත්වල නිල්දිය උයන ප්‍රදේශයේදී අධික වේගයෙන් ධාවනය වූ මෝටර් රථයක් මාර්ගයෙන් ඉවතට පැන ම‌ෙම අනතුර සිදුව ඇත.

මෙලෙස මිගොස් ඇත්තේ දඹුල්ල තිත්තවැල් ගොල්ල ප්‍රදේශයේ පදිංචි 49 හැවිරිදි මලවිආරච්චි නැමැති පොලිස් සැරයන්වරයෙකිි.

තුවාල ලැබූ පොලිස් කොස්තාපල්වරයා මේ වන විට මාතලේ මහ රෝහලේ ප්‍රතිකාර ලබයි.

රියදුරුට නින්ද යාම හේතුවෙන් මෙම අනතුර සිදුව ඇති බව පොලිසිය සිදුකරන ලද මූලික පරීක්ෂණවලදී හෙළිව තිබේ.

Exit mobile version