ගුවන් යානයේ දී පාකිස්තාන කාන්තාවක් මරුට – මරණ පරීක්ෂණය අද

සිංගප්පූරුවේ සිට මෙරට බලා පියාසර කරමින් තිබූ ශ්‍රී ලංකන් ගුවන සේවයේ යූ.එල් 306 ගුවන් යානයේ ගමන් කළ පාකිස්තාන ජාතික කාන්තාවක් මියගොස් ඇති බව පොලීසිය පවසයි.

86 හැවරිදි කාන්තාවක් මෙසේ මියගොස් ඇති අතර පශ්චාත් මරණ පරීක්ෂණ අද (24දා) සිදුකිරීමට නියමිතය.‍

ඇයගේ මෘත ශරීරය මීගමුව රෝහලේ තැන්පත් කර තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් ගුවන්තොටුපළ පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version