මලගනේ වැවේ ඔරුවක් පෙරලී අනතුරුදන් වු පුද්ගලයින් දෙදෙන‌ාගේ මළ සිරුරු හමුවෙයි

වාරියපොළ, මලගනේ වැවේ ඔරුවක් පෙරලීමෙන් පුද්ගලයින් දෙදෙන‌ෙකු අනතුරුදන් විය.

ඒ අනුව එම පුද්ගලයින්‌ගේ මළ සිරුරු ඊයේ (24) පස්වරුවේ සොයාගෙන ඇති බව පොලිසිය සඳහන් කළේය.

මෙලෙස මියගොස් ඇත්තේ රාගම, බටුවත්ත ප්‍රදේශයේදී පදිංචිව සිටි 20 හැවිරිදි සහ 48 හැවිරිදි පුද්ගලයින් දෙදෙනෙකි.

නෙළුම් කොළ කැඩිමට පුද්ගලයින් 05 දෙනකු ගිය ඔරුව ම‌ෙසේ පෙරලී ඇත. එහිදී පුද්ගලයින් තිදෙනෙකු දිවි බේරාගැනිමට සමත් වී ඇත.

වාරියපොළ පොලිසිය සදහන් කළේ, මෘත ශරිර පිළිබඳ පශ්චාත් මරණ පරික්ෂණය අද(25) සිදු කිරීමට නියමත බවයි.

Exit mobile version