අද තරගයේ දෙවැනි දිනයයි

ඊයේ දින කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදීමට පිටියට පැමිණි ශ්‍රී ලංකා කණ්ඩායම පකිස්තානයට එරෙහි පළමු ටෙස්ට් තරගයේ දී පළමු දිනට තරගය නතර කරනවිට පළමු ඉනිම සඳහා කඩුලු 4ක් දැවී ලකුණු 227ක් රැස් කිරීමට සමත් වූහ.

දිනය නිමාවනවිට දිනේෂ් චන්දිමාල් පන්දු 184කදී හතරේ පහර 6ක් සමගින් ලකුණු 60ක් හා නිරෝෂන් දික්වැල්ල හතරේ පහර 5ක් හා හයේ පහරක් සමගින් පන්දු 63කින් ලකුණු 42ක් ලබා නොදැවී කඩුල්ලේ රැදී සිටියහ.

අද තරගයේ දෙවැනි දිනයයි.

Previous articleපොල් මිළෙහි යම් අඩුවීමක් – අමාත්‍ය නවීන් දිසානායක මහතා
Next articleබස් අනතුරකින් මගීන් 18කට තුවාල