‍පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක්

‍පළාත් සභා මැතිවරණය පැවැත්වීම සම්බන්ධයෙන් විශේෂ සාකච්ඡාවක් අද (28) දිනයේ පැවැත්වීමට නියමිතව තිබේ.

ඒ කථානායක කරූ ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් පාර්ලිමේන්තු‌වේ දීය.

පළාත් සභා මැතිවරණයට අදාළ සීමා නිර්ණ කමිටු වාර්තාව පිළිබඳව මෙහිදී වැඩි අවධානයක් යොමු කිරීමට නියමිතව තිබේ.

මෙම සාකච්ඡාව සඳහා පළාත් සභා හා පළාත් පාලන අමාත්‍ය ෆයිසර් මුස්තාෆා මහතා, මැතිවරණ කොමිසමේ සභාපතිවරයා ඇතුළු නියොජිතයින් ද මෙම සාක්ඡාව සඳහා සහභාගී වීමට නියමිතය.

Exit mobile version