ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් රෝපණය කිරීම ජනපතිගේ ප්‍රධානත්වයෙන්

ජනාධිපති ගරු මෛත්‍රීපාල සිරිසේන මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් ඊයේ (28) පස්වරුවේ දෙහිවල, කලුබෝවිල සාරානාත් ධර්ම නිකේතනයේ ජය ශ්‍රී මහා බෝ සමිදුන්ගේ අංකුරයක් රෝපණය කිරීමේ  පුණ්‍යෝත්සවය පැවැත්විණි.

විහාරස්ථානය වෙත ගිය ජනාධිපතිතුමා පළමුව ආගමික වතාවත්වල නිරතව ආශිර්වාද ලබාගත් අතර අනතුරුව පුණ්‍යෝත්සවය සදහා එක් විය.

කලූබෝවිල භාතිය මාවතේ පිහිටි සාරානාත් ධර්ම නිකේතන විහාරස්ථානය පූජ්‍ය එලමල්දෙණියේ සාරානන්ද නායක ස්වාමින් වහන්සේගේ මූලිකත්වයෙන් 2004 වසරේ ආරම්භ කරන ලද්දක් වන අතර එදා පටන් විහාරස්ථානය කේන්ද්‍ර කර ගනිමින් ආගමික, සාමාජීය, අධ්‍යාපනික හා ශාස්ත්‍රීය සේවාවන් රැසක් සිදු කෙරේ.

Exit mobile version