එල්.ටී.ටී.ඊ සංවිධානය ග‌ොඩනැගීම සිය අරමුණයි – රාජ්‍ය ඇමතිනි විජයකලා මහේෂ්වරන්‌

උතුරු නැගෙනහිර පළාත්වල වෙසෙන දෙමළ ජනතාවට භීතියකින් තොරව නිදහසේ ජීවත් වීමට නම් එල්.ටී.ටී.ඊ සංවිධානය යළි හිස එසවිය යුතු යැයි වනිතා හා ළමා කටයුතු රාජ්‍ය ඇමතිනී විජයකලා මහේෂ්වරන් මහත්මිය පැවසුවාය.

ජනපති නිල ම‌ෙහ‌ෙවර වැඩසටහන යටතේ යාපනය ප්‍රදේශයේ පැවැති සමාරම්භක උත්සවය ඊය‌ේ (02) වීරසිංහම් ශාලවේදී පැවැත්විණි.

එම අවස්ථාව සඳහා උතුරු පළාත් ප්‍රධාන අමාත්‍ය සී.වි. විග්නේෂ්වරන්, විදේශ කටයුතු අමාත්‍ය තිලක් මාරපන, ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන, ළමා හා කාන්තා කටයුතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් සහ එම්.ඒ. සුමන්තිරම් මන්ත්‍රිවරයා ඇතුළු පිරිසක් එක්ව සිටියහ‍.

එහිදී සභාව ඇමතු රාජ්‍ය අමාත්‍ය විජේකලා මහේෂ්වරන් පැවසුවේ, එල්.ටී.ටී.ඊ සංවිධානය ග‌ොඩනැගීම සිය අරමුණ බවයි.

පසුගියදා පුංචි වයස අවුරුදු 6ක දැරියක් දුෂණය කරලා ඉතාම කෲර ල‌ෙස ඝාතනය කරලා තිබෙනවා. ඒ පිළිඳව තත්වය සලකා බැලුවහම හිත‌ෙනවා අපි ම‌ොකට ද ජනාධිපතිතුමාව ජනාධිපති විදිහට පත් කරගත්ත‌ේ කියලා.

අපි බ‌ොහ‌ොම මහන්සිවෙලයි එතුමාව ජනාධිපති ල‌ෙස පත්කළ‌ේ. ජනාධිපතිතුමා පක්ෂයේ ගැටලු ගැන කටයුතු කරනවා මිසක් අපේ ජනතාව ගැන තැකිමක් නැහැ. අපේ ජනතාව‌ෙගේ ආරක්ෂාව අද වන විට දුර්වල ව‌ෙලා. එත් 2009 මැයි 18 ව‌ෙනිදාට ප‌ෙර අපේ ජනතාව ජිවත්වුණ ආකාරය පිළිබඳව හිතද්දි යළි එල්.ටී.ටී.ඊ සංවිධානය ග‌ෙන ඒම තමයි වැදගත්වන්නේ.

අප ජීවතුන් අතර සිටීමට නම් අපට මහ මග නිදහසේ ඇවිදීමට නම් අපගේ දරුවන් පාසල් වෙත ගොස් නැවත නිවසට පැමිණිය යුතු විමට නම් උතුරු නැගෙනහිර පළාත්වල කොටි සංවිධානය හිස එසවිය යුතුයි.

 

 

Exit mobile version