මරණ දඬුවම නියම වූ සිරකරුවන්ගේ නාම ලේඛනය අධිකරණ අමාත්‍යංශයට

මරණ දඬුවම ක්‍රියාත්මක කළ යුතු මත්ද්‍රව්‍ය ජාවාරමේ නිරත සිරකරුවන්ගේ නාම ලේඛනය බන්ධනාගාර දෙපාර්තමේන්තුව, අධිකරණ අමාත්‍යංශයට භාර දී ඇති බව වාර්තා වේ.

ඒ, මත්ද්‍රව්‍ය ජාවාරම හේතුවෙන් මරණ දඬුවම නියමව දඬුවම් ලබමින් සිටියදීත් මත්ද්‍රව්‍ය ජාවාරමට සම්බන්ධ වන සිරකරුවන්ගේ වාර්තාවක් ලබා දෙන්නැයි ජනාධිපති වරයා කළ නියෝගයට අනුව ය.

එම සිරකරුවන්ගේ ලිපි ගොනු අධිකරණ ලිපි ගොනු සමග සංසන්දනය කිරීමෙන් අනතුරුව අවසන් වාර්තාව සකස් කරනු ඇත.

Exit mobile version