මහා පරිමාණයේ කසිප්පු ජාවාරමක් – සැකකරුවන් දෙදෙන‌ෙ‌කු අත්අඩංගුවට

බුත්තල පොලිස් බල ප්‍රදේශයේ දී මොණරාගල දිසා වැටලීම් ඒකකයේ නිලධාරීන් විසින් සිදු කල වැටලීමකදී නීති විරෝධී මත්පැන් අලෙවි කිරීම සදහා සුදානම් කරමින් සිටි සැකකරුවන් දෙදෙන‌ෙකු සමග මත්පැන් සහ පෙරීම් උපකරණ රැසක්ද අත්අඩංගුවට ගෙන ඇත.

මෙහිදී නීති විරෝධී මත්පැන් මිලිලීටර් දොලොස් දහසක් ගෝඩා මිලිලීටර් ලක්ෂ අටක් සහ පෙරීම් උපකරණ රැසක් ද පොලිස් අත්අඩංගුවට පත් වී ති‌බේ.

අත්අඩංගුවට ගත් සැකකරුවන්ගෙන් සිදු කළ ප්‍රශ්න කිරීම් වලදී අනාවරණය වී ඇත්තේ දීර්ඝ කාලයක සිට මෙම ජාවාරම පවත්වාගෙන යන බවත් බුත්තල ප්‍රදේශයේ ස්ථාන රැසකට මෙම මත්පැන් බෙදා හරින බවත්ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් ඔක්කම්පිටිය සහ බුත්තල යන ප්‍රදේශවල පදිංචිකරුවන් ව‌ෙ‌යි.

සැකකරුවන් අද(16) වැල්ලවාය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතයි.

Exit mobile version