අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද

 

අල්ලස් (සංශෝධන) පනත් කෙටුම්පත දෙවැනිවර කියවීම අද (20) පාර්ලිමේන්තුවේ දී  ආරම්භ විය.

ආණ්ඩු පක්ෂයේ ප්‍රධාන සංවිධායක, අමාත්‍ය ගයන්ත කරුණාතිලක මහතා විසින් පනත් කෙටුම්පත පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේ ය.

පාර්ලිමේන්තු මන්ත්‍රී ආචර්ය ජයම්පති වික්‍රමරත්න මහතා විවාදය ආරම්භ කරමින් මෙසේ සඳහන් කළේ ය.

අල්ලස් නඩුවක් විභාග කරන්නේ මහේස්ත්‍රාස්ත්වරයකු විසින්. වරදට සමානුපාතිකව දඬුවම් ලබාදෙන්න ඉඩක් නෑ. මෙය සංශෝධනය කෙරෙනවා. මෙයින් ඉඩ ලැබෙනවා, මහේස්ත්‍රාත් අධිකරණයට වගේම මහාධිකරණයටත් නඩු පැවරීමට. 19 ව්‍යවස්ථාව යටතේ අල්ලස් කොමිෂමට විශේෂ විධිවිධාන ඇතුළත් කළා. මෙම 19 සංශෝධනාය මඟින් කොමිෂමට බලය දුන්නා, එම කොමිෂමට තම කැමැත්තෙන් ම පැමිණිල්ලක් නොමැතිව ක්‍රියා කරන්න. එය වැදගත් පියවරක්.

හාල් මැස්සො අසු වෙන්නේ. තෝරු මොරු හසු වෙන්නේ නෑ. මේ සංස්කෘතිය වෙනස් කරන්න ඕන. කොමිෂන් සභාවට තනිව කටයුතු කළ හැකියි. අල්ලස් කොමිෂමට පොලිස් නිලධරීන් පමණක් නොවෙයි වෙනත් විශේෂඥයින් අවශ්‍යයි. මේ අය ලැබී නෑ. රජය, ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය අවධනය යොමු කරයි කියා විශ්වාස කරනවා. අපරාධ යුක්ති ක්‍රියාදායමය ශක්තිමත් කළ යුතුයි. අල්ලස් හා දූෂණ විරෝධී කටයුතු ඉදිරියට ගෙන යා හැකි හොඳ සංශෝධනයක් ලෙස සඳහන් කරන්න කැමැතියි.

Exit mobile version