දෙමහල් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට

”පිබිදෙමු පොළොන්නරුව” දිස්ත්‍රික් සංවර්ධන වැඩසටහන යටතේ දින තුනක් තුළ ජනතා අයිතියට පැවරෙන ව්‍යාපෘති 180 අතරින් ව්‍යාපෘති 60 ක් පමණ ඊයේ දින ජනගත කෙරුණු අතර, දෙමහල් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ ඊයේ (01) පස්වරුවේ ජනාධිපතිතුමා අතින් ජනතා අයිතියට පත්කෙරිණි.

පිබිදෙමු පොළොන්නරුව සංවර්ධන වැඩසටහන යටතේ කඩකාමර 24 කින් යුත් වෙළෙද සංකීර්ණය සහිත හිගුරක්ගොඩ නව බස් නැවතුම්පොළ අලංකාරවත් සහ අංගම්පූර්ණ ලෙස ඉදිකර තිබේ.

වෙළෙද සංකීර්ණය සහිත නව බස් නැවතුම්පොළ ජනතා අයිතියට පවරාදුන් ජනාධිපතිතුමා එහි නිරික්ෂණ චාරිකාවක ද නිරත වූ අතර අඩු ආදායම්ලාභීන් සදහා ඉදිකළ නිවාස 10 ක යතුරු ප්‍රදානය කිරීමට ද එක් විය.

Exit mobile version