Home දේශීය පුවත් සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් – දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී

සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් – දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී

0
සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් – දිවයින පුරා අහස වලාකුලින් බරව පවතී

දිවයින හරහා සහ දිවයින අවට මුහුදු ප්‍රදේශවල විශේෂයෙන් දිවයිනට වයඹ සහ ගිනිකොණ දෙසින් වන මුහුදු ප්‍රදේශවල සුළගේ වේගය වැඩිවීමේ හැකියාව තවදුරටත් පවතින බව කාළගුණ විද්‍යා දෙපාර්තමේන්තුව අද (09) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

තවද දිවයින පුරා අහස වලාකුලින් බරව පවතිනු ඇත.

සබරගමුව, මධ්‍යම, බස්නාහිර සහ වයඹ පළාත්වලත් ගාල්ල සහ මාතර දිස්ත්‍රික්ක වලත් විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇතිවේ.

අනුරාධපුර දිස්ත්‍රික්ක්කයේ සිහින් වැසි ඇතිවිය හැක.

සබරගමුව සහ මධ්‍යම පළාත්වලත් කළුතර දිස්ත්‍රික්කයේත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 ක පමණතරමක් තද වැසිද ඇති විය හැක.

මධ්‍යම කඳුකර ප්‍රදේශවලත්, ඌව, වයඹ සහ උතුරු මැද පළාත්වලත් හම්බන්තොට දිස්ත්‍රික්කයේත් විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා තරමක් තද සුළං (Gusty winds) ඇතිවිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here