රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සුදානම් වෙයි

රුසියාවට එරෙහිව නව සම්බාධක පැනවීමට අමෙරිකාව සුදානම් වෙයි. නව සම්බාධක ලබන 22 දින සිට ක්‍රියාත්මක වනු ඇති බවයි සඳහන් වන්නේ.

රුසියාව, බ්‍රිතාන්‍යයේ දිවිගෙවන හිටපු රුසියානු ඔත්තුකරුවකුට මාරාන්තික විෂ ප්‍රහාරයක් එල්ල කිරීම මෙම නව සම්බාධක පැනවීමට හේතු වූ බවයි අමෙරිකාව සඳහන් කළේ.

මෙම විෂ ප්‍රහාරයට රුසියාව සම්බන්ධ යැයි බ්‍රිතාන්‍ය පරීක්ෂක කණ්ඩායමක් පැවසුව නමුත් රුසියාව එම චෝදනා තරයේ ප්‍රතික්ෂේප කර තිබේන බවයි වැඩිදුරටත් වාර්තා වන්නේ.

Exit mobile version