පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට පියවර

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට පියවර ගෙන ති‌බේ.

රජයේ පවුල් සෞඛ්‍යසේවා නිලධාරිනියන්ගේ සංගමය මුහුණ දී ඇති ගැටලු පිළිබද විශේෂ සාකච්ඡාවක් සෞඛ්‍ය අමාත්‍යාංශයේ දී අමාත්‍ය රාජිත සේනාරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් පැවැත්වුණි.

පවුල් සෞඛ්‍ය සේවා නිලධාරිනියන්ගේ පුරප්පාඩු සපුරාලීම සදහා නිලධාරිනියන් 1300ක් කඩිනමින් බදවා ගැනීමට මෙහිදී තීරණය කර ඇත.

Exit mobile version