ඉන්දියාවේ 72 වන නිදහස් දින සැමරුම අද

ඉන්දියාවේ 72 වන නිදහස් දින සැමරුම අදයි. 1947 අගෝස්තු 15 වන දින ඉන්දියාව බ්‍රිතාන්‍යයෙන් නිදහස ලැබීම පදනම් කර ගනිමින් මෙම දිනය සමරයි.

නිදහස සැමරෙන අද දින, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදි රජයේ අරමුදලින් ක්‍රියාත්මක වන ලොව විශාලත ම සෞඛ්‍ය වැඩසටහන ආරම්භ කිරීමට නියමිත ය.

2019 වසරේ පැවැත්වෙන ලෝක් සභා මැතිවරණයට පෙර නරේන්ද්‍ර මෝදි පවත්වන අවසන් නිදහස් දින සැමරුම් කතාව මෙය වනු ඇති බවයි විද‌ෙස් වාර්තා සඳහන් කරන්න‌ේ.

නිදහස් දින සැමරුම හමුවේ ඉන්දියාවේ රතු බලකොටුව, නවදිල්ලිය සහ සෙසු ප්‍රධාන නගරවල ආරක්ෂාව තර කර තිබේ.

නවදිල්ලි අගනුවර ආරක්ෂාවට පොලිස් නිලධාරීන් 70000 ක් යොදවා ඇති අතර රතු බලකොටුවට යොදවා ඇති පොලිස් නිලධාරීන් සංඛ්‍යාව 10000ක් බවයි සඳහන් වන්න‌ේ.

Exit mobile version