මහනුවර ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක්

මහනුවර ශ්‍රී දළදා මාලිගයේ ඇසල මංගල්‍යය වෙනුවෙන් විශේෂ දුම්රිය සේවාවක් ක්‍රියාත්මක කිරීමට ශ්‍රී ලංකා දුම්රිය දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

ම‌ෙම විශේෂ දුම්රිය සේවාවක් හෙට (21) සිට ලබන 26 වැනි දින දක්වා ක්‍රියාත්මකයි.

මෙම කාලය තුළ උදෑසන 09.50 ට කොළඹ කොටුවෙන් මහනුවර දක්වා දුම්රියක් ධාවනය වන අතර එය පස්වරු 01.15 ට මහනුවරට ළඟාවීමට කටයුතු යොදා ඇත.

එමෙන්ම මහනුවර සිට පෙරවරු 11.45ට කොළඹ කොටුව සහ නාවලපිටිය දක්වා දුම්රිය දෙකක් ධාවනය කිරීමට  සැලසුම් කර තිබේ.

මීට අමතරව එළඹෙන 26 වැනිදා කොළඹ කොටුවෙන් උදෑසන 07.05ටත් මහනුවරින් රාත්‍රී 07.00 ටත් දුම්රිය දෙකක් ධාවනය කරවන බව දුම්රිය දෙපාර්තමේන්තුව සඳහන් කරයි.

Exit mobile version