ඩොලරය 163 සීමාවට

එක්සත් ජනපද ඩොලරයක විකුණුම් මිල අද දිනයේදී රු.163.00 සීමාව වෙත ආසන්න වී තිබෙනවා.
ශී‍්‍ර ලංකා මහබැංකුවේ දෛනික විනිමය අනුපාතික සටහනට අනුව අද දිනයේදී එක්සත් ජනපද ඩොලරයක ගැනුම් මිල රු.159.7943 ක් ලෙස සටහන් වන අතර එහි විකුණුම් මිල රු. 162.9973 ක් ලෙස සටහන් වුණා.
මේ වන විට ලොව බොහෝ විනිමය ඩොලරයට සාපේක්ෂව අවප‍්‍රමාණය වී ඇති බවයි ශී‍්‍ර ලංකා මහබැංකුව කියා සිටින්නේ.

Exit mobile version