එක්සත් ජාතික පක්ෂය එක් පවුලකට අයිති පක්ෂයක් නොවන බව අධ්‍යාපන ඇමති පවසයි

Share

එක්සත් ජාතික පක්ෂය එක් පවුලකට අයිති පක්ෂයක් නොවන බවත් එය ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයක් බවත් රටට ප්‍රජාතන්ත්‍රවාදය ගේන්න එක්සත් ජාතික පක්ෂය කටයුතු කළ බවත් එක්සත් ජාතික පක්ෂයේ මහලේකම්, අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පවසයි.

අද (6) සිරිකොත දී පැවැත්වෙන එක්සත් ජාතික පක්ෂයේ 72 වැනි සංවත්සරය දී අමාත්‍යවරයා මේ බව පැවසි ය.

”මම ඉතාමත් සතුටට පත් වෙනවා 72 සංවත්සරයට කතා කිරීමට ලැබීම ගැන මෙය ඓතිහාසික අවස්ථාවක්. නායකයෝ හත් දෙනෙක් පක්ෂයට නායකත්වය දුන්නා. එක්සත් ජාතික පක්ෂය ශක්තිමත්ව අනාගතය දක්වා ගමන් කරනවා. එක්සත් ජාතික පක්ෂය එක් පවුලකට අයිති පක්ෂයක් නොවේ, එය ප්‍රජතන්ත්‍රවාදී පක්ෂයක්. ඒකයි එක්සත් ජාතික පක්ෂයේ වෙනස.

1994 පස්සේ එක්සත් ජාතික පක්ෂයට රාජ්‍ය නායකත්වය තිබුණේ නෑ. ජනතාවට සළකපු එක ජනතාවට සහන යුගය තමයි මතක. එක්සත් ජාතික පක්ෂය පළාත් පාලන මැතිවරණයෙන් දුර්වල වුණා කියලා සමහරු  හිතුවා. අපිට වසර දහයක් ආණ්ඩුව ගෙන යන්න පුළුවන්. ජවයක් ඇතිව මේ ගමන ආරම්භ කරන්න ඕන. පොදු  විපක්ෂය තමන්ගේ ප්‍රශ්නවලට විසඳුමක් ලෙස කොළඹට විරෝධයක් ගෙනවා. කොළඹ වටලනවා කිව්වා. අපිත් බලාගෙන හිටියා. දුර්වල වැඩපිළිවෙලක් ඊයේ (05) ක්‍රියාත්මක වුණා. ලෝකයේ රටවල් ජනබල මෙහෙයුම් කරන්නේ ප්‍රජාතන්ත්‍ර විරෝධි ප්‍රශ්න තියෙන කොටයි. මාධ්‍ය බලන විට අපේ ප්‍රජාතන්ත්‍රවාදය හොඳින් පේනවා. අපේ නායකතුමාට හැකි වුණා, කොමිෂන් සභා ගේන්න. ප්‍රජතන්ත්‍රවාදී ආයතන ස්ථාපිත කරන්න හැකි වුණා. මේ රටේ අනාගතය එක්සත් ජාතික පක්ෂය බවත් අමාත්‍යවරයා පැවසී ය.

Read more

Local News