Home දේශීය පුවත් තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

0
තවදුරටත් වැසි රහිත කාලගුණ තත්ත්වයක්

දිවයිනේ බොහෝ ප්‍රදේශවල ප්‍රධාන වශයෙන් වැසි රහිත කාලගුණ තත්ත්වය තවදුරටත් පවතින බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව සඳහන් කරයි.

එසේ වුවත්, ගාල්ල, මාතර සහ රත්නපුර දිස්ත්‍රික්කවල සිහින් වැසි ඇතිවිය හැක.

දකුණු පළාතෙත් මාතලේ සහ පොළොන්නරුව දිස්ත්‍රික්කවලත් විටින් විට හමන පැ.කි.මී. 40-50 දක්වා තරමක තද සුළං ඇතිවිය හැක.

දෘශ්‍ය ලෙස සූර්යයා දකුණට ගමන් කිරීමේදී, අගෝස්තු මස 28වන දින සිට සැප්තැම්බර් 07 දක්වා ශ්‍රී ලංකාව ආසන්න අක්ෂාංශ වලට සෘජුවම ඉහලින් පවතී.

අද දින (07) දහවල් 12.08ට බූස්ස, අක්මීමන, අකුරැස්ස, කඹුරුපිටිය, හක්මන සහ දෙනගම යන ප්‍රදේශවලට ඉතා ආසන්නව හිරු මුදුන්ව පවතී.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here