පිදුරංගලදී අඩ නිරුවත් ඡායාරූප ගත් තරුණයින් දෙදෙන‌ෙකු හඳුනා ගැනේ

ඓතිහාසික සීගිරිය පිදුරංගල රජමහා විහාරස්ථානයට අයත් පර්වත මුදුනේ සිට අඩ නිරුවත පෙන්වූ බව කියන තරුණයන් දෙදෙන‌ෙකු මේ වනවිට හඳුනාගෙන ඇති බව පරීක්ෂණ පවත්වන සීගිරිය පොලීසිය පවසයි.

මුහුණු පොත හරහා සමාජල වෙබ් අඩවිවලට එම ඡායාරූප සඳහා පෙනී සිටිමින් මුදාහැර ඇත්තේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනෙකු සහ කුරුණෑගල ප්‍රදේශයේ තරුණයන් කිහිපදෙනෙකු බව පොලීසිය සිදු කරන ලද පරීක්ෂණවලදී අනාවරණය වී තිබේ.

සීගිරිය පොලීසියේ උසස් නිලධාරියෙකු කියා සිටියේ ගලේවෙල ප්‍රදේශයේ පදිංචි තරුණයන් දෙදෙනා අත්අඩංගුවට ගැනීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායමක් ගලේවෙලට යවා ඇති බවයි.

Exit mobile version