අමෙරිකානු ජනාධිපතිග‌ෙන් චීනයට ච‌ෝදනා

චීනය, අමෙරිකාවේ පැවැත්වීමට නියමිත අතුරු මැතිවරණයට බලපෑම් කිරීමට ප්‍රයත්න දරන බවට ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් චෝදනා කර තිබේ.

එක්සත් ජාතීන්ගේ මහා මණ්ඩල සැසිවාරයේදී ලෝක නායකයන් අමතමින් අමෙරිකානු ජනාධිපතිවරයා මේ බව කියා සිටියේ ය.

වෙළෙඳ බදු පැනවීම හමුවේ චීනය සහ අමෙරිකාව අතර බවතින වෙළෙඳ යුද්ධය උත්සන්නව ඇති මෙවන් අවස්ථාවක අමෙරිකානු ජනාධිපතිවරයා එල්ල කළ මෙම චෝදනා චීනය තරයේ ප්‍රතික්ෂේප කර තිබේ.

Exit mobile version