වාහන පහක් එකිනෙක ගැටී හතර දෙනෙකුට තුවාල

Share

ගාල්ල මාපලගම මාර්ගයේ ලබුදුව දක්ෂිණපාය ඉදිරිපිට අද දහවල් සිදුවු අනතුරකින් මෝටර් රථ දෙකක්, ත්‍රිරෝද රථ දෙකක් සහ යතුරු පැදියක් අනතුරට පත් වි පුද්ගලයන් හතර දෙනෙකු තුවාල ලබා අැති බවට වාර්තාවේ.

මෙම අනතුර සිදුව අැත්තේ මාපලගම දෙසින් ගාල්ල බලා ගමන් කරමින් තිබු මොටර් රථයේ රියදුරුගේ නොසැලකිලිමත්කම නිසා බව පොලිසිය විසින් කරන ලද මූලික පරීක්ෂණ වලදි අනාවරණය වි අැත.

තුවාල ලබා අැති පුද්ගලයින් කරාපිටිය ශික්ෂණ රෝහලේ හදිසි අනතුරු ඒකකයට අැතුලත් කර අැත.

Read more

Local News