ලබන මස සිට ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය ව‌ෙයි

Share

මගී ප්‍රවාහන ත්‍රීරෝද රථ සඳහා මීටර අනිවාර්ය කිරීමේ නීතිය ලබන මාසයේ සිට ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබේ.

මාර්ග ආරක්ෂාව පිළිබඳ ජාතික සභාවේ සභාපති සිසිර කෝදාගොඩ සඳහන් කළේ අදාළ නීතිය ලබන මස දෙවන සතියේ සිට ක්‍රියාත්මක කිරීමට බලාපොරොත්තු වන බවයි.

ත්‍රීරෝද රථ මීටර් සවි කිරීමට අමතරව මගී ගමනාන්තයේදී රිසිට් පතක් නිකුත් කිරීම ද නව නීතිය අනුව ක්‍රියාත්මක වෙයි.

ඒ අනුව ත්‍රී රෝද රථ මිටර් සවි කිරීම සිදු නොකරන රියදුරන්ට එරෙහිව ලබන මස සිට නීතිය දැඩිව ක්‍රියාත්මක කෙරෙනු ඇති බව ද සඳහන්.

Read more

Local News