Home විදෙස් පුවත් ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

0
ඉන්දුනීසියාවට ප්‍රබල භූ කම්පනයක්

ඉන්දුනීසියාවේ වෙරළ ආසන්නයේ ඇති වූ රික්ටර් පරිමාණ 7.5ක ප්‍රබල භූ කම්පනයෙන් ප්‍රබල සුනාමි තත්ත්වයක් ඇති වී තිබෙන බවට එරට විද‌ෙස් මාධ්‍ය වාර්තා සඳහන් කරයි.

ම‌ෙම භූ කම්පනයෙන් ඒ ප්‍රදේශයේ ජීවිත 30ක් දැනටමත් අහිමිව තිබේ.

සුලවේසි දූපතේ පාලූ ප්‍රදේශය වෙත මීටර් 2ක් පමණ උසින් යුතු උදම් රළ පැමිණ ඇති බවටයි වාර්තා වන්න‌ේ.

පසුගිය මාසයේදී ඉන්දුනීසියාවේ ලොම්බොක් දූපත ආශ්‍රිතව ප්‍රබල භූ කම්පන ප‌ෙළක් අති වූ අතර ඉන් පුද්ගල ජීවිත 460කට වඩා අහිමි විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here