කුරුණෑගල ඉදි කළ නව ජාතික පාසල එළඹෙන වසරේ සිසු අයිතියට

කුරුණෑගල නගරය ආශ්‍රිතව පවතින අධික සිසු ගහණයට විසඳුමක් ලෙස නගරය ආශ්‍රිතව අති නවීන පහසුකම්වලින් සමන්විත නව ජාතික පාසල් දෙකක් ඉදිකිරීමට අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතාගේ මග පෙන්වීම අනුව සැලසුම් කළ බවත් ඒ අතරින් පළමුවැන්න එළඹෙන වසර ආරම්භයේ දී සිසු අයිතියට පත්කිරීමට හැකි බවත් අධ්‍යාපන අමාත්‍ය අකිල විරාජ් කාරියවසම් මහතා පැවසීය.

කුරුණෑගල මලියදේව බාලිකා විද්‍යාලයේ ළඟම පාසල හොඳම පාසල ව්‍යාපෘතිය යටතේ ඉදිකරන ලද නව තෙමහල් ගොඩනැගිල්ල සිසු අයිතියට පත් කිරීමේ සහ විදුහලේ වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට එක්වෙමින් අමාත්‍යවරයා මේ බව සඳහන් කළේය.

Exit mobile version