වැල්ලවාය ප්‍රාදේශීය ලේකම් කොට්ඨාශයේ වැල්ලවාය නගරය ආශ්රිත ප්‍රදේශයේ දී ඊයේ දවස පුරා විශේෂ මෙහෙයුමක් සිදු කෙරිණ.
පවතින වැසි සහිත කාළගුණයත් සමඟ ඩෙංගු මදුරුවන් බෝ විමේ අවදානමක් පවතින බැවින් එවැනි ඩෙංගු මදුරුවන් බෝවීමට ඉඩ ඇති ස්ථාන පවත්වාගෙන යන ස්ථාන සොයා මෙම මෙහෙයුම සිදු විය.
මෙහෙයුම සඳහා වැල්ලවාය සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, පොලිසිය, ප්‍රාදේශීය ලේකම් කාර්යාලය, සිවිල් ආරක්ෂක බලකාය සහ වැල්ලවාය ප්‍රාදේශීය සභා නිලධාරීන් සහභාගි විය.
එහිදී වැල්ලවාය නගරයේ වෙලඳසැල් සහ නිවාස තුන්සියක් පමණ පරික්ෂාවකට ලක් කර ඇති අතර මදුරුවන් බෝ වන ලෙස ස්ථාන පවත්වාගෙන ගිය පුද්ගලයන් පස් දෙදෙනකුට නඩු පවරා තවත් ස්ථාන රැසකට රතු නිවේදන නිකුත් කර ඇත.
ඉදිරියේදී ද මෙම මෙහෙයුම අඛණ්ඩව සිදු කරන බව නිලධාරීන් කියා සිටි අතර වැසි සමඟ ප්‍රදේශයේ ඩෙංගු රෝගය හිස එසවීමේ අවදානමක් දැඩිව පවතින බවද ඔවුන් වැඩි දුරටත් පවසා සිටියේය.



