ජනපති ප‍්‍රධානත්වයෙන් විද්වත් කතිකාව

Share

නාගරික සංවර්ධන අධිකාරියට 40 වසරක් පිරීම නිමිත්තෙන් සංවිධානය කරනු ලැබූ වෘත්තික සංවාද කතිකාවේ සමාරම්භක අවස්ථාව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමාගේ ප‍්‍රධානත්වයෙන් ඊයේ (02) කොළඹ දී පැවැත්විණි.

1978 ඔක්තෝබර් 01 වනදා විශේෂ පනතකින් පිහිටවනු ලැබූ නාගරික සංවර්ධන අධිකාරිය නාගරික පරිසරයන් හි තත්ත්වය කළමනාකරණය කිරීමේ වගකීම දරන මෙරට ඉහළම සැලසුම් කි‍්‍රයාත්මක කිරීමේ ආයතනයයි.

යහපාලන ප‍්‍රතිපත්ති මත පදනම්ව ස්ථාවර මූල්‍ය පරිපාලනයක් පවත්වා ගනිමින් ඉදිකිරීම් ක්ෂේත‍්‍රයෙන් ජාතික ආර්ථිකයට විශාලතම දායකත්වයක් සැපයීමට වර්තමානයේ නාගරික සංවර්ධන අධිකාරිය සමත් වී ඇත.

“නාගරික සංවර්ධන අධිකාරියේ 40 වසරක අතීතය“ වර්තමානය හා ඉදිරි මඟ, යන මැයෙන් මෙම වෘත්තික සංවාද කතිකාව සංවිධානය කර තිබූණි.

ජ්‍යෙෂ්ඨ නගර නිර්මාණ ශිල්පී සම්මානිත මහාචාර්ය විලී මෙන්ඩිස්, කොළඹ විශ්විද්‍යාලයේ ආර්ථික ජනවිකාශ විද්‍යා අංශයේ සම්මානිත මහාචාර්ය ඩබ්ලිව්. ඉන්ද්‍රලාල් ද සිල්වා, කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යා අංශයේ ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය එල්. ගුණරුවන්, සංවර්ධන උපාය මාර්ග හා ජාත්‍යන්තර වෙළෙඳාම පිළිබඳ අමාත්‍යාංශයේ උපදේශක අනුෂ්ක විජේසිංහ සහ සිංගප්පුරුවේ යූ.ආර්. ඒ හි උපදේශකවරයෙක් ඇතුළු විද්වත් මණ්ඩලයක සහභාගිත්වයෙන් මෙය පැවැත්විණි.

Read more

Local News