ලබන වසර වන විට අධි තාක්ෂණයෙන් යුත් නව රථ වාහන අංක තහඩුවක් හඳුන්වා දීමට මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුව සූදානම් වේ.
රථවාහනවල ගමන් මග සම්බන්ධයෙන් නිසි නිගමනයක් ලබා ගැනීමට පොලීසියට මේ තුළින් හැකිවන බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් ජගත් චන්ද්‍රසිරි මහතා පැවසීය.