අද (04) අළුයම ඩුබායි සිට කුවේට් හරහා ශ්‍රී ලංකාවට පැමිණී ගුවන් මගීන් දෙදෙනෙකු රැගෙන එන ලද විදේශ දුම්වැටි තොගයක් ග්‍රීන් චැනල් දොරටුව ඔස්සේ පිට කිරිමට තැත් කිරිමේදී කටුනායක රේගු නිලධාරීන් විසින් අත්අඩංගුවට ගෙන තිබේ.
එහිදී දුම්වැටි කාටුන් 266ක් කටුනායක රේගු භාරයට ගැනීමට හැකි වු බවයි වාර්තා වන්නේ.
එහි වටිනාකම රුපියල් විසිහය ලක්ෂ හැටදහසක් බවයි කටුනායක නියෝජ්‍ය රේගු අධ්යක්ෂ විපුල මිනුවම්පිටිය මහතා සඳහන් කළේ.
සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර පරීක්ෂණ ක්‍රියාත්මකයි.