ට්‍රම්ප්ට එරෙහි චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණ අැරඹේ

අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ට එරෙහිව එල්ල වි අැති බදු ගෙවිමි පැහැර හැරිමේ චෝදනා සම්බන්ධයෙන් පරීක්ෂණයක් අරඹන බවට නිව්යොර්ක් ප්‍රාන්ත අාදායම් බදු දෙපාර්තුමේන්තුව තහවුරු කර තිබේ.

නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත අනාවරණය කර තිබු පුවතකට අනුව මෙලෙස පරීක්ෂණයක් අරඹා තිබේ.

අමෙරිකානු ජනාධිපතිගේ දෙමව්පියන්ට ඩොලර් මිලියන ගණනක බදු ගෙවිම පැහැර හැරිම සඳහා ට්‍රම්ප් ජනාධිපතිවරයා සහය දි අැති බවයි එම පුවත්පත හෙලි කර අැත්තේ.

90 දශකයේ පැවති බදු පටිපාටිය ට්‍රම්ප් ජනාධිපතිවරයා මෙලෙස උල්ලංඝණය කර අැති බව ටයිම්ස් පුවත්පත පෙන්වා දෙනු ලැබිය.

කෙසේ වෙතත් මෙයට පිලිතුරු ලෙස ධවල මන්දිර ප්‍රකාශිකා සාරා සැන්ඩර්ස් පැවසූවෙි මෙය හුදෙක් ජනතාව නොමඟ යැවිමට කරන ලද්දක් බවය.

දශකයකට පෙර බදු නිලධාරින් මෙම ගණුදෙනු වලට අාදාළ ලිපි වලට අත්සන් තබා අැති බවද අැය පැවසීය.

එමෙන්ම මෙම බදු ගෙව්ම නිත්‍යානුකූල ලෙස සිදු කර අැති බවද ඔවුන් වැඩිදුරටත් සඳහන් කර තිබේ.

මේ සම්බන්ධයෙන් අමෙරිකානු ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු ප්‍රකාශයක් කර නැති බවද සඳහන්.

ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ නිතිඥයා ප්‍රකාශ කළේ නිව්යොර්ක් ටයිම්ස් පුවත්පත බොරු චෝදනා පදනමි කර ගනිම්න් පුවත් මවන බවයි.

ඩොනල්ඩ් ට්‍රම්ප් කිසිදු වංචාවක් හෝ බදු පැහැර හැරිමක් සිදු කර නැති බව ඔහු සඳහන් කර තිබේ.

Exit mobile version