මෙවර 05 ශ්‍රේණිය ශිෂ්‍යත්ව විභාගයේ කඩඉම් ලකුණු විභාග දෙපාර්තමේන්තුව විසින් නිකුත් කර ඇත.
ඒ අනුව කොළඹ, ගම්පහ, කළුතර, මහනුවර, ගාල්ල, මාතර, මාතලේ කඩඉම් ලකුණු 168 කි.
නුවරඑළිය – 163ක් වන අතර හම්බන්තොට – 166 කි.
අද නිකුත් වූ 2018 පහ වසර ශිෂ්‍යත්ව විභාගයේ පළමු ස්ථානය දිනාගන්නට සිසු දරුවන් දෙදෙනෙක් සමත් වී තිබේ.
ඒ අනුව පිළියන්දල සෝමවීර චන්ද්‍රසිරි විද්‍යාලයේ බුමිත් මෙත්නුල් විතානගේ සහ වේයන්ගොඩ ශාන්ත මරියා විද්‍යාලයේ කේ. සනුප දිමත් පෙරේරා පළමු ස්ථානයට පත්ව තිබේ.
ඔවුන් දෙදෙනා ලකුණු 199ක් ලබා ගනිමින් මෙවර ශිෂ්‍යත්ව විභාගයේ ප්‍රථම ස්ථානය ලබාගෙන ඇත.




