පරිසර විනාශය මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් – ජනපති

පරිසර විනාශය අද මිනිසාගේ පැවැත්මට බරපතළ තර්ජනයක් වී ඇති බවත් මිනිසා, සතා සීපාවා ඇතුළු සියලු සත්වයන්ගේ ඉදිරි පැවැත්ම වෙනුවෙන් පරිසරය රැක ගැනීම අත්‍යවශ්‍ය කටයුත්තක් වී ඇති බව ජනාධිපති ගරු මෛතී‍්‍රපාල සිරිසේන මැතිතුමා පැවසීය.

ජනපතිවරයා මේ බව ප‍්‍රකාශ කළේ, මන්නාරම නගර සභා කි‍්‍රඩාංගණයේ පැවති ජාතික පරිසර සමුළුව අමතමිනි.

තවද තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බලය සහ ධනය මෙහෙයවන තනතුරු ගණනාවක් පසෙක තබා තමා පරිසර අමාත්‍යාංශය තෝරා ගත්තේ මිනිසා ප‍්‍රමුඛ සියලු සත්වයින්ට ජීවත්වීමේ අයිතිය තහවුරු කිරීමට බව ජනාධිපතිතුමන් එහිදි වැඩ්දුරටත් පැවසීය.

Exit mobile version