Home දේශීය පුවත් හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

0
හෙට දිනයේ සිට වැසි තත්ත්වයේ අඩුවීමක්

දිවයිනේ නිරිතදිග කොටසේ පවතින තද වැසි සහිත කාලගුණ තත්ත්වයේ තරමක අඩු වීමක් හෙට (11) දිනයේ සිට බලාපොරොත්තු විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තුව අද (10) නිකුත් කළ නිවේදනයේ දැක්වෙයි.

බස්නාහිර, මධ්‍යම, දකුණු, සබරගමුව සහ ඌව පළාත්වල විටින් විට වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ.

දිවයිනේ සෙසු ප්‍රදේශවල විශේෂයෙන් සවස 2.00න් පමණ පසුව වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති විය හැකි බව කාලගුණවිද්‍යා ද‌ෙපාර්තමේන්තු සඳහන් කරයි.

දකුණු සහ ඌව පළාත්වලත් කළුතර සහ රත්නපුර දිස්ත්‍රික්කවලත් ඇතැම් ස්ථානවලට මි.මී. 75 පමණ තරමක් තද වැසි ඇති විය හැක.

බස්නාහිර, දකුණු, මධ්‍යම සහ සබරගමුව පළාත්වල විටින් විට හමන පැ.කි.මී. 50 දක්වා වන තරමක් තද සුළං ඇතිවිය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here