හැටන් බගවන්තලාව, බලංගොඩ, මස්කෙලිය ප්‍රධාන මාර්ගයේ ස්ථාන කිහිපයකම නායයෑමේ අවදානම මතු වි ඇති නිසා ඇතැම් ස්ථානවල රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇති බව නොර්වුඩ් පොලිසිය පැවසිය.
එම මාර්ගයේ කාසල්රි ජලාශයට ඉහළින් නිව්වෙලිගම ප්‍රදේශයේ නිවාස රැසක් සමඟ ප්‍රධාන මාර්ගයේ කොටසක් විශාල වශයෙන් නායයෑමේ ලක්ෂණ මතු වි ඇති නිසා එම ස්ථානයේ රථ වාහන ගමනා ගමනය එක් මංතිරුවකට සිමා කර ඇත.
නායයෑමේ අවධානමකට ලක් වි ඇති ප්‍රධාන මාර්ගය ජාතික ගොඩනැලි පර්යේෂණ ආයතනයේ නිලධාරින් විසින් පරික්ෂාවට ලක් කිරිමෙන් පසු එම මාර්ගය ගිලා බැසිමේ අවධාමකට ලක් වි ඇති බව තහවුරු කර ඇත.
ප්‍රධාන මාර්ගය නායයෑමේ හා ගිලා බැසිමේ අවධානමට ලක් වි ඇති ස්ථානවලින් රථ වාහන ධාවනය කිරිමේදි සැලකිලිමත් ලෙස සෙමින් රිය ධාවනය කරවන ලෙස නොර්වුඩ් පොලිසිය රියදුරන්ගෙන් ඉල්ලා සිටියි.