හබරාදුව ප්‍රදේශයේ වෙඩි තැබීමක්

හබරාදුව, අකුරැස්ස පාර, පිලාන ප්‍රදේශයේදී වෙඩි වැදී තුවාල ලබා සිටි පුද්ගලයෙකු සොයාගෙන තිබේ.

තුවාල සහිතව පුද්ගලයෙකු වැටී සිටින බවට පොලිස් හදීසි ඇමතුම් අංකයට ලද තොරතුරකට අනුව අදාළ පුද්ගලයා සොයාගෙන ඇත.

තුවාලකරු ප්‍රතිකාර සඳහා ගාල්ල කරාපිටිය රෝහලට ඇතුළත් කර ඇති බව පොලිසීය පැවසීය. සිද්ධිය සම්බන්ධයෙන් හබරාදූව පොලීසිය වැඩිදුර විමර්ශන සිදුකරයි.

Exit mobile version