නෝර්වේ සහ එංගලන්ත සංචාරය නිමා කරමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ අද (10) දිවයිනට පැමිණියේ ය.
අග්‍රාමාත්‍යවරයා සහ දූත පිරිස අද පෙරවරු 08.30 ට පමණ එමිරේට්ස් ගුවන් සේවයේ ඊ.කේ. 650 දරන ගුවන් යානයකින් කටුනායක ජාත්‍යන්තර ගුවන් තොටුපලට ලඟාවූ බවයි වාර්තා වන්නේ.
නෝර්වේ රාජ්‍යයේ සහ එංගලන්තයේ නිල සංචාරයක් සඳහා අග්‍රාමාත්‍යවරයා පසුගිය 03 වනදා දිවයිනෙන් පිටත්ව ගියේය.



