ටවර් හෝල් කලාකරු මාසික දීමනාව වැඩි කිරීමට පියවර

ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් ලබාදෙන මාසික දීමනාව වැඩි කිරීමට පියවර ගෙන තිබේ.

මෙරට දේශීය නාට්‍ය හා රංගකලාවට අනුපමේය සේවාවක් ඉටු කළ ප්‍රාසාංගික කලාකරුවන්ගේ සහ ටවර් හෝල් ශිල්පීන්ගේ වෘත්තීය සුභසාධනය වෙනුවෙන් ටවර් හෝල් රඟහල පදනම යටතේ ස්ථාපිත කර තිබෙන කලාකරුවන්ගේ සුභසාධක අරමුදල හා ප්‍රාසාංගික කලාකරුවන් සඳහා වන ජනාධිපති සුභසාධක අරමුදල මගින් මාසික දීමනා ලබන වයස අවුරුදු 60 ට වැඩි ජීවිතියේ සැදෑ සමය ගෙවන කලාකරුවන්ට 2018 සැප්තැම්බර් මාසයේ ක්‍රියාත්මක වන පරිදි එම මාසික දීමනාව රු: 1000/- කින් වැඩි කිරීමට ටවර් හෝල් රඟහල පදනමේ භාරකාර මණ්ඩල සභාපති, අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ ප්‍රධානත්වයෙන් යුත් භාරකාර මණ්ඩලය තීරණය කර ඇතැයි ටවර් හෝල් රඟහල පදනම අවධාරණය කරයි.

Exit mobile version