රිය අනතුරකින් තරුණයෙකු මරුට

බැලුම්මහර ‍- කඩුවෙල මාර්ගයේ නැඳුන්ගහහේන ප්‍රදේශයේදි සිදුවු රිය අනතුරකින් තරුණයෙකු මියගොස් තිබේ.

පොලීසිය සඳහන් කළේ, මාර්ගය හරහා ගමන්ගත් කාන්තාවක් යතුරුපැදියක ගැටී මෙම අනතුර සිදුව ඇති අතර එම යතුරුපැදිය ඉදිරියෙන් පැමිණි වෑන් රථයක ද ගැටී ඇති බවයි.

අනතුරෙන් බරපතළ තුවාල ලැබු යතුරුපැදිකරු සහ පදික කාන්තාව උඩුපිල රෝහලට ඇතුළත් කිරීමේ දී පැදිකරු මියගොස් තිබේ.

මියගොස් ඇත්තේ මිනුවන්ගොඩ ප්‍රදේශයේ පදිංචිව සිටි 27 හැවිරිදි තරුණයෙක්.

අනතුරට සම්බන්ධ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගෙන ඇති අතර වැලිවේරිය පොලීසිය සිද්ධිය සම්බන්ධයෙන් වැඩිදුර විමර්ශන සිදුකරනු ලබයි.

Exit mobile version