ගඟ පිටාර ගලා 27ක් මරුට

ඉන්දුනීසියාවට ඇඳහැල‌ෙන අධික වර්ෂාවත් සමඟ හටගත් ගංවතුරින් සහ නායයෑම් වලින් මියගිය පුද්ගලයින් සංඛ්‍යාව 27ක් දක්වා ඉහළග‌ොස් තිබේ.

මියගිය පිරිස අතරට පාසල් ළමුන් 11 ද‌ෙන‌ෙකු ද ඇතුළත්.

අසල පිහිටි ගංගාවක් පිටාර ගැලීමත් සමඟ උතුරුදිග සුමාත්‍රාහි පාසල් පංති කාමරයක බිත්තියක් කඩා වැටීම‌ෙන් එම ළමුන් මියග‌ොස් තිබේ.

සුමාත්‍රා දුපත‌ේ උතුරු සහ බටහිර පළාත් වල නිවාස මහාමාර්ග ඇතුළුව ද‌ේපල රැසකට ද ආපදා තත්වයෙන් හානිව සිදුව ඇති බවයි විද‌ෙස් මාධ්‍ය වාර්තා කළ‌ේ.

පුද්ගලයින් 15 ද‌ෙන‌ෙකු තවදුරටත් අතුරුදන්.

විපතට ලක්වුවන් මුදාගැනීම සඳහා සහන ‌සේවකයින් රැසකග‌ේ සහභාගීත්වය‌ෙන් අඛණ්ඩව ස‌ෝදිසි ම‌ෙ‌හ‌ෙයුම් ක්‍රියාත්මකයි.

Exit mobile version