උදාගම්මාන කඩාකප්පල් කරන්නන් ගැන සජිත්ගේ ප්‍රශ්නය

Share

හිසට සෙවණක් නොමැති අසරණ ජනතාවට නොමිලේ ඉඩමක් හා මූල්‍ය ශක්තිය ලබාදී නිවාස ඉදිකර දෙන උදා ගම්මාන වැඩසටහන කඩාකප්පල් කිරීමට විරුද්ධවාදීන් කටයුතු කිරීම දේශප්‍රේමීත්වයද? දේශද්‍රෝහීත්වයද? කියා තමන් ජනතාවගෙන් ප්‍රශ්න කරන බව නිවාස හා ඉදිකිරීම් අමාත්‍ය සජිත් ප්‍රේමදාස මහතා පවසයි.

දේශප්‍රේමීත්වය සහ දේශද්‍රෝහීත්වය සම්බන්ධයෙන් අද වාද විවාද කරන මෙරට දේශප්‍රේමීත්වයේ මහා කප්පිත්තා පසුගිය රජය සමයේදී ඔහුට හිමිවූ නිවාස අමාත්‍යංශයේ සියළු සම්පත් තම පවුලේ සැමටත්, බිහිවීමට සිටින පවුලේ මතු පරපුරටත් බෙදා වෙන්කර ගත් බවද අමාත්‍යවරයා මෙහිදී ප්‍රකාශ කළේය.

පසුගිය රජය අද තිබුණානම් මෙරට රණවිරුවන් ජාත්‍යන්තර යුධ අධිකරණවලට ගෙනගොස් රණවිරුවන්ට අච්චු කරන වගකීම සුද්දන්ට පාවරා දෙන බවත්, වත්මන් ජනාධිපතිතුමන්ගේ හා අගමැතිතුමන්ගේ ශක්තිමත් විදේශීය ප්‍රතිපත්තිය නිසා අද විදුලි පුටු, දංගෙඩි, දෙමුහුම් අධිකරණ කතා නොඇසෙන බවත් කී අමාත්‍යවරයා, රණවිරුවන් අද ජාත්‍යන්තරයෙන් සුරක්ෂිත වන අතර එය යහපාලන රජයේ සැබෑ දේශප්‍රේමීත්වය බවත් මෙහිදී පැවසීය.

සජිත් ප්‍රේමදාස අමාත්‍යවරයා මෙම අදහස් පළ කළේ ‘සැමට සෙවණ’ යළි පිබිදෙන උදා ගම්මාන වැඩසටහන යටතේ හම්බන්තොට දිස්ත්‍රික්කයේ, වීරකැටිය ප්‍රදේශයේ ඉදිවන “සියසෙනෙහෙගම”, “සාදරගම”, “සත්විරුමව්ගම”, “සත්මව්පෙම්ගම”, “සඳකුළුණුගම”, “සරඳගම”, “සිරිසුබමාතාගම”, “සරදසිසිගම”, සහ “සදම්සෙත්ගම” යන උදාගම්මාන 9 ට මුල්ගල තැබීමේ අවස්ථාවට අද (25) දින සහභාගී වෙමිණි.

Read more

Local News