එගොඩඋයන පොලිස් වසමේ කොළඹ-ගාල්ල මාර්ගයේ ආනෝල්ඩ් ප්‍රදේශයේදී ඊයේ (28) රාත්‍රියේ සිදු වූ යතුරුපැදි අනතුරකින් පුද්ගලයින් දෙදෙනෙකු මියගොස් තිබේ.
පානදුර දෙසට ධාවනය වු යතුරුපැදියක මාර්ගය හරහා ගමන් කළ පුද්ගලයෙකු ගැටී මෙම අනතුර සිදුව ඇති බවයි පොලිසිය පැවසුවේ.
අනතුරින් බරපතල තුවාල ලැබූ පදිකයා, යතුරුපැදිකරු සහ පසුපැදිකරු පානදුර රෝහලට ඇතුළත් කිරිමෙන් පසු යතුරුපැදිකරු සහ පදිකයා මියගොස් ඇත.
මියගොස් ඇත්තේ මොරටුව, එගොඩඋයන ප්‍රදේශයේ පදිංචිව සිටි 48 හැවිරිදි පුද්ගලයෙකු සහ පානදුර බෙක්කේගම ප්‍රදේශයේ පදිංචිව සිටි 21 හැවිරිදි තරුණයෙක්.
පශ්චාත් මරණ පරික්ෂණය අද (29) සිදු කිරිමට නියමිත අතර එගොඩඋයන පොලිසිය මේ පිළිබඳ වැඩිදුර විමර්ශන සිදු කරයි.



