නව අගමැති ඒකාබද්ධ විපක්ෂය සමග රැස්වෙයි

Share

ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායක රැස්වීමක් නව අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් කොළඹ 07 මල්පාරේ පිහිටි අග්‍රමාත්‍ය කාර්යාලයේදී අද (29දා) දහවල් පැවැත්විණි.

අගමැති ධුරයේ වැඩ භාර ගැනීමෙන් අනතුරුව ඒකාබද්ධ විපක්ෂයේ පක්ෂ නායකයන් සමඟ මහින්ද රාජපක්ෂ මහතා පැවැත්වූ  ප්‍රථම දේශපාලන සාකච්ඡාව මෙය විය.

එක්සත් ජාතික පාක්ෂිකයන් ඇතුළු සියලු රටවැසියන්ට ප්‍රචණ්ඩත්වයෙන් තොරව ඉතාම සාමකාමීව ආරක්ෂාව සැලසීමට මන්ත්‍රීවරුන් මැදිහත්ව කටයුතු කරන ලෙසට මහින්ද රාජපක්ෂ මහතා පක්ෂ නායකයන්ගෙන් හා මන්ත්‍රීවරුන්ගෙන් ඉල්ලා සිටි බව මෙම රැස්වීමට එක්වූ පාර්ලිමේන්තු මන්ත්‍රී බන්දුල ගුණවර්ධන මහතා සඳහන් කළේය.

 

Read more

Local News