20-20 හොඳම පිතිකරු බාබර් අසාම්

පාකිස්ථාන – ඕස්ට්‍රේලියා විස්සයි විස්ස තරගාවලිය නිමා වීමත් සමඟ ලෝක විස්සයි විස්ස පිතිකරුවන්ගේ ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයට පාකිස්ථානයේ බාබර් අසාම් පත්ව තිබේ.

දෙරට අතර පැවති තරග තුනේදීම අර්ධ ශතක 3ක් වාර්තා කළ බාබර් අසාම් නවතම විස්සයි විස්ස පිතිකරුවන් ශ්‍රේණිගත කිරීම් වලට අනුව පළමු ස්ථානය තහවුරු කර ගැනීමට සමත්වි අැත.

අසාම් පළමු ස්ථානයට පත් වීමත් සමග මෙතෙක් ශ්‍රේණිගත කිරීම් වල පළමු ස්ථානයේ පසු වු ඔස්ට්‍රේලියාවේ ආරෝන් ෆින්ච් දෙවන ස්ථානය වන අතර තුන්වන ස්ථානයේ පසුවන්නේ ඉන්දියාවේ ලෝකේෂ් රාහුල්ය.

Exit mobile version